සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු සභපති ප්රදීප් උදයකුමාර එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(29) විවෘත වරෙන්තු නිකුත් කළේය. ලන්ඩනයේ ජීවත් වූ ප්රදීප් එදිරිසිංහ සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් පත්කොට ඇත්තේ ඔහුගේ මිතුරා වන නාමල් රාජපක්ෂ විසිනි.
දැනට එංගලන්තයේ පදිංචිව සිටින ඔහු සැලසිනේ සභාපතිව සිටි කාලයේ දී එම ආයතනයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 120ක් කූඨ ලෙස සුබ සාධක ගිණුමට ලබාගෙන සාවද්ය පරිහරණය කිරීම යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.තම හිතවතුන්ට තනතුරු, හා වරප්රසාද පිරිනැමීම, රාජ්ය මුදල් අවභාවිත කිරීම සහ රාජ්ය සම්පත් අවභාවිත කිරීම ආදී චෝදනා රැසක් සැලසිනේ හිටපු සභාපතිවරයාට අවස්ථා ගණනාවක දී එල්ලවී තිබේ.
එම නඩුවට අදාළව සැලසිනේ හිටපු අභ්යන්තර විගණක මහේෂා සුභානි ජයලත් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඇය ලබන ඔක්තෝබර් 13වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.










