ලක්ෂ දෙකක් අඳුරේ – විදුලි ගිණුම් ලක්ෂයක් අහෝසියි

ලක්ෂ දෙකක් අඳුරේ – විදුලි ගිණුම් ලක්ෂයක් අහෝසියි

විදුලි විසන්ධි කෙරුණු පාරිභෝගිකයන් ල්කෂ දෙකකට ආසන්න පිරිසක් ආර්ථික අගහිඟකම් හේතුවෙන් නැවත විදුලි සබඳතා ලබාගෙන නැතැයි වාර්තා වේ. එක් ලක්ෂ විසි දහස් අට (120,008) දෙනෙකුගේ විදුලි ගිණුම් විදුලි බල මණ්ඩලය විසින් පසුගිය කාල සීමාවේදී අවසන් කරනු ලැබ ඇත.

විදුලි සබඳතා විසන්ධි කර දින 90ක කාලයකදී නැවත සබඳතා නොගන්නා පාරිභෝගිකයන්ගේ විදුලි සබඳතා ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව මණ්ඩලය පවසයි.

විදුලි බිල නිසි වෙලාවට නොගෙවීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන්ට 2022 සිට 2024 දක්වා රතු බිල් තුන්කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරද පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

විදුලි බිල් කලට වෙලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ එක් (1,308,871) දෙනෙකුගේ විදුලිය විසන්ධි කර ඇතැයිද ඔහු එහිදී සඳහන් කකර තිබිණි.

ලංකාදීප ඉරිදා

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්