ලංසාගේ කංසා බස්නාහිර අවුලවයි

මීගමුව ප්‍රදේශයේ සීග්‍ර‍යෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකු බවත් ඔහු පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වහාම ඔහු ඇමතිකමෙන් නෙරපිය යුතු බවත් ඊයේ (23) බස්නාහිර පළාත්සභා රැස්වීමේදී ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කිරීමත් සමග සභාව ගාලගොට්ටියක් බවට පත්වී ඇත.

ආණ්ඩුපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් නැගිට කෑ කෝ ගසමින් කතාවට බාධා කරමින් අදාළ ඇමතිවරයා රැකගැනීමට උත්සාහ කර තිබේ.

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක රේණුක පෙරේරා මන්තීවරයා ප්‍රකාශ කර ඇත්තේ මත්කුඩු ජාවාරමට එරෙහිව නොව අදාළ මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ආශ්‍රිත පුවත්

මේ කංසා ලංසගෙ නෙමෙයි ?

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්