ලංගමය අධික ලෙස පාඩු ලබයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2010 වසරේදී ලැබූ රුපියල් මිලියන 830ක මෙහෙයුම් අලාභය 2011 වසරේදී රුපියල් මිලියන 2025ක් දක්වා වැඩි වී තිබෙන බවත් එය 144%කින් පාඩුව ඉහළ යාමක් බවත්, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට 2010 වසරේදී රජය විසින් රුපියල් මිලියන 4,469ක මූල්‍ය පහසුකම් සපයා තිබෙන අතර, 2011 වසරේදී මිලියන 5182ක මූල්‍ය පහසුකම් රජය විසින් සපයා තිබේ. 2010 වසරේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 21,560ක ආදායමක් ලැබූ නමුත් පසුගිය 2011 වසරේදී එය රුපියල් මිලියන 21,017 දක්වා පහත වැටී තිබෙන බවද මුදල් අමාත්‍යංශය පවසයි.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්