ලංගමයට විශ්‍රාමේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් කප්පාදු කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් ගෙන ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් බේසිංහ මහතා පවසයි.

කුරුණෑලපදී පැවති අතුගල්පුර මාධ්‍යවේදීගේ හමුවකදී ඒ මහතා මේ බව පවසා ඇති අතර එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට ස්ව කැමැත්තෙන්ම විශ්‍රාම යා හැකි වැඩපිළිවෙළක් සකසන බවය.

ශ්‍රී ලංගමයේ සේවකයන් තිස්හයදහස් හත්සියයක් (36,700) සිටින බවත් එය ශ්‍රී ලංගමයට දැරිය නොහැකි බවත් ඔහු පවසා ඇත.

2010 වසරේ සිට සේවකයන්ට ETF ගෙවීම පැහැර හැර ඇති බවත් ඒ කාලය තුළ නව සේවකයන් හත්දාහක් (7,000) බඳවාගෙන ඇති බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්