ලංකාව ලෝකයෙන්ම දෙවෙනි තැනට ඔසවා තබයි

ලංකාව ලෝකයෙන්ම දෙවෙනි තැනට ඔසවා තබයි

ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ දරුවන් අතරින් වයසට සරිලන බර ප්‍රමාණයෙන් පසු නොවීමේ මන්දපෝෂණය සම්බන්ධයෙන් ලෝකයෙන්ම දෙවෙනි තැන ලබා ගෙන ඇති බව බ්‍රිතාන්‍යයේ පළ වන ලැන්සෙට් වෛද්‍ය සඟරාව සිදු කළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

ලොව පුරා රටවල් 199ක වයස අවුරුදු 5ත් 19ත් අතර ගැහැනු දරුවන් මිලියන 222ක ගෙන් නියැඳි ලබා ගෙන පර්යේෂකයන් දහසකගේ පමණ කණ්ඩායමක් විසින් අදාළ සමීක්ෂණය සිදු කර ඇත. එයින් හෙළිවී ඇත්තේ මෙම වයස් කාණ්ඩයේ ශ්‍රී ලාංකික දැරියන් 410,000ක් අදාළ මන්දපෝෂණයෙන් පෙළෙන බව ය.

විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මෙම තොරතුරු දිවයින පුවත්පතට හෙළිකර තිබිණි. වැඩි දුරටත් හෙළිකර තිබෙන්නේ ආර්ථික අර්බුදය නිසා පෝෂණ අර්බුදයෙන් මෙරට දරුවන් ලක්ෂ 09කට වැඩි සංඛ්‍යාවක් උග්‍ර මන්දපෝෂණ තත්වයට ගොදුරු වී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්