කොවිඩ් – 19 සඳහා ලබා දෙන එන්නත ලංකාවේ කුමන පළාතක සිට පැමිණියත් ගාල්ලේදී ලබාගත හැකි යැයි ගාල්ල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ ප්රියන්ත ජීවරත්න
ඔහු පවසන්නේ “මෙම එන්නත ලැබුනේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්රදේශවල දෙවන මාත්රාව ඉවරයි. නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.” යනුවෙනි.
ගාල්ල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා මෙලෙස ප්රතිචාර දක්වා ඇත්තේ ගාල්ල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද (08) දිනයේ ඇස්ට්රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්රාව ලබා ගෙන ඇතැයි ප්රදේශවාසීහු කරනු ලබන චෝදානාවට පිළිතුරු ලබාදෙමිණි.
ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදි කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන්නේ යැයි ප්රදේශවාසීහු චෝදනා කරති.
මූලාශ්ර ලංකාදීප










