මුදල් අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්. ජී. සුමනසිංහ මහතා රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අද(31) පෙරවරුවේ පත්කර තිබේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් මහත්මිය වෙනුවට විශ්රාමික රියර් අද්මිරාල් ශමාල් ප්රනාන්දු මහතා රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීම සඳහා ජනවාරි 29 අඟහරුවාදා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුනි.
ඊට එරෙහිව ඊයේ පස්වරුවේ සිට රේගු නිලධාරීන් විසින් වෘත්තීය ක්රියාමාර්ගයක් අනුගමනය කළ අතර ඔවුන් කියා සිටින්නේ ශ්රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයේ නොවන අයෙකු පත්කිරීමට සිය විරෝධතාවය පළකරන බවයි.
කෙසේ වෙතත් සේවකයන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය තවදුරටත් ක්රියාත්මකය.
මාණ්ඩලික රේගු නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කර සිටියේ කටුනායක ගුවන්තොටුපොළ, ගුවන් බඩු අංශය හා අපනයන අංශයේ සේවාවන් හැර සෙසු සියලු සේවාවන්ගෙන් මේ වනවිට සේවකයන් ඉවත් වී ඇති බවයි.










