රෙජිනෝලුත් අතෘප්තියෙන්

තම හෘද ශාක්ෂීයට එකඟව කටයුතු කිරීමට හැකි තාක් තමන්ට කලකිරීමක් නැති බවත් ආණ්ඩුව තවමත් එදාවෙල ක්‍රමයට ප්‍රශ්නවලට උත්තර සොයමින් සිටින බවත් සුළු අපනයන භෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ දිනපතා පුවත් පතක පළවන දේශපාලන අතිරේකයක් සමග සංවාදයකට එක්වෙමිනි.

එම සංවාදයේ උපුටාගැනීම් පහත පළ වේ.

පළාත් සභාවෙන් දැන් නියමිත වැඩේ වෙන්නේ නැහැ නේද ?

ජනතාව බලාපොරොත්තු වන්නේ බඩුමිල අඩුකිරීම වැනිදේ. නමුත් මින් එවැනි සහන බලාපොරොත්තුවෙන්න බැහැ. සංවර්ධන වැඩ තමයි.

මෙනවගේ සංවර්ධනයක්ද? අලුනින් ඇතුවූ කර්මාන්ත ශාලා මොනවාද ?

පළාත් සභාවලට විශාල කර්මාන්ත ශාලා ඇති කරන්න බැහැ. ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය නැහැ. පළාත් සභාවලින් කරන්නේ මැටි වැඩ වගේ සිවයං රැකියාවගට සහාය වන එකයි.

රටේ ප්‍රධාන ආර්ථිකයට පළාත් සභාවලින් දායකත්වය ලැබෙන්නෙ නැහැනේ ?

යටිතල පහසුකම් හැදුවට ජනතා ප්‍රශ්න අඩුවෙන්නේ නැහැ. මොන ආඛ්ඩු බලයේ හිටියත් ජනතා ප්‍රශ්න වැඩිවෙනවා.

පළා‍ත් සභා ඡන්දය සහ ජිනීවා ප්‍රශ්නය අතර සමිබන්ධයක් තියෙනවාද ?

නැහැ.

මේ රටට ජිනීවා ඈඳාගත්තේ 88, 89 කාලයේ වත්මන් පාලකයෝමයි ?

ඔව්, එදා ජිනීවා යන්නයි අද ජිනීවා ගිහින් අනෙක් අයයි දෙගොල්ලොම කළේ වරදක්. කවුරු වරද කළත් වරදක්.

ලංකා රජයෙන් යුධ අපරාද සිදුවෙලා තියෙනවාද ?

යුද අපරාධ දෙපැත්තෙන්ම සිදුවාණා.

ආණ්ඩුව යුද්ධය දිනුවා කියා වැරදි කළාම හරිද ?

යුද මානසිකත්වයේ ඉඳන් වැරදි වැඩ කරනවා නම් ඒක වැරදියි.

එහෙනම් උතුරේදී ආණ්ඩුවට වැරදුනේ කොතැනද ?

ආණ්ඩු‍ව උතුරට දේශපාලනය ගෙන ගියේ නැහැ.

මේ ප්‍රශ්නවලට නියම උත්තරේ ලැබිලා තියෙනවද ?

නැහැ. අපි තාම මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ එදා වේල ටුවර්ස් වාගේ. ඒ නිසා මේ ප්‍රශ්නවලට හරියට බුද්ධිමත්ව බලලා හරි උත්තරේ ගෙනාවේ නැත්නම් ඊළඟට ගේන උත්තරය මීට වඩා නරක වෙනවා. ඊලඟට කව්රු බලයට ආවත් මේ ප්‍රශ්නවලට නම් උත්තරයක් තියෙන්න ඕනා. නැත්නම් කව්රු බලයට ආවත් ජාත්‍යන්තර ප්‍රශ්නවල අඩුවක් නැහැ.

රේජිනෝල්ඩ් කුරේ කියන්නේ කෙළින් කතාකරන චරිතයක්. ඒත් අද වනවිට ඔබ නිහඬ ඇයි ?

මම නිහඬ නැහැ. මගේ හඬට ශබ්දයක් දෙන්න කවුරුත් නැහැ.

ඔබට‍ කැපිල්ලක් තියෙනවද ?

අපේ කතා රූපවාහිනී මාධ්‍යයේ දකින්න නැහැ. පුවත්පත්වල දකින්න නැහැ. අපට මහ වේදිකාවල් නැහැ.

ඔබ ඉන්නේ කලකිරීමෙන්ද ?

මම කලකිරිලා නැහැ. නමුත් මම අරගලයක යෙදෙනවා. හෘද ශාක්ෂියට එකඟව කටයුතු කරනතාක් මම කලකිරීමෙන් නැහැ. මම කියන්නේ පවතින ක්‍රමය ගැන අතෘප්තියක්.

කෙසේ වුවද ඊයේ (26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ පවත්වන ලැබූ මාධ්‍ය සාක්ච්ඡාවකට එක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසූවේ ආණ්ඩුවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුනුත් ඉතා තෘප්තියෙන් ඉන්නා බවයි. එම අවස්ථාවට රෙජිනොල්ඩ් කුරේ මහතා සහ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද සහභාගීවී සිටි‍යහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්