රූපවාහිනියේ විදුලි බිල… රු. මිලියන 10 ගෙවද්දී තවත් හිඟයක් නිසා විදුලිය විසන්ධි කරයි…

රූපවාහිනියේ විදුලි බිල… රු. මිලියන 10 ගෙවද්දී තවත් හිඟයක් නිසා විදුලිය විසන්ධි කරයි…

ජාතික රූපවාහිනියේ UHF 39, 52, 57 චැනල කොළඹ අවට ජනතාවට සුපැහැදිලව දර්ශනය වීම සඳහා පවත්වාගෙන යන ෆෙයාර්මවුන්ට් රෙසිඩන්සීස් (Fairmount Residencies) ගොඩනැගිල්ලට ගෙවිය යුතු මුදල් නොගෙවා හිඟ වීම හේතුවෙන් මේ වනවිට එහිද විදුලිය කපාදමා ඇතැයි වාර්තා වේ.

එම ගොඩනැගිල්ලේ මෙම විකාශනාගාරය පවත්වාගෙන යාම හේතුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් මේ වනවිට රුපියල් මිලියන 05 ඉක්මවා ඇතයි වාර්තා වේ.

එමෙන්ම ජාතික රූපවාහිනියේ සේවකයන් වෙනුවෙන් මුල් මාස කිහිපයේ ගෙවිය යුතු අර්ථසාද මුදල්ද එම අරමුදලට මෙතෙක් බැර කර නැතැයිද වාර්තා වේ.

මේ අතර ජාතික රූපවාහිනියේ ප්‍රධාන පරිශ්‍රයේ, ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 10ක් පමණ වන හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (14) එහි විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබූ අතර පසුව එම හිඟ මුදල ගෙවා දමා යළි විදුලිය ලබාගෙන තිබේ.

ආශ්‍රිත පුවත් – ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කරයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්