සිය ධූරයෙන් විශ්රාම ගැනීමට දින කිහිපයක් තිබියදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (30) දිනයේදී රුසියාවට එරෙහිව ගනු ලැබූ ක්රියාමාර්ග අසාර්ථක උත්සාහයක් බවට මේ වනවිට පත්ව තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්රතිඵලය වෙනස් කිරීම සඳහා රුසියානු පරිගණක හැකර්වරුන් මැදිහත් වූ බවත් එයට ව්ලැදිමීර් පුටීන් ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වූ බවටත් පවසමින් ඇමෙරිකාවේ සිටින රුසියානු රාජ්යතාන්ත්රිකයින් 35 දෙනෙකුට පැය 72ක් ඇතුළත ඇමෙරිකාවෙන් පිටත් වන ලෙසට ඔබාමා නියෝග කර තිබේ. මීට අමතරව රුසියානු බුද්ධි අංශ ඒජන්සි දෙකකටද සම්බාධක පැනවීමට ඔබාමා කටයුතු කර තිබේ.
ඔබාමාගේ තීරණයට ප්රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ ඔබාමාගේ තීරණයට එකට එක කිරීමට තමන් කිසිදු මොහොතක උත්සාහ නොගන්නා බවයි.
ඔබාමා ජනාධිපතිවරයා සිය ධූරයෙන් සමුගැනීමට දින කිහිපයක් තිබියදී මෙලෙස රුසියාව සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරීමට හේතු වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරදා ඩොනල්ඩ් ට්රම්ප් ජයග්රහණය කිරීමත් එම ජයග්රහණයට රුසියානු සහාය ලැබූ බවට ප්රකාශ කිරීමත් සමගය. මෙතෙක් කලක් රුසියාව සමග සීතල යුද්ධයකට පැටලී සිටී ඔබාමා පාලනය ඇමෙරිකාව තුළ මේ වනවිට රුසියානු විරෝධයක් ඇති කිරීමේ උත්සාහයක නිරතව ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම නව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඔබාමා මෙන් නොව රුසියාව සමග මිත්රශීලීව කටයුතු කිරීමට සූදානම් බව ප්රකාශ කර තිබීමත් සමග මේ වනවිට ඇමෙරිකානු ආධිපත්ය කිසියම් දුරකට අභියෝගයකට ලක්ව ඇති මොහොතක රුසියාව ප්රකෝප ගන්වා ඇමෙරිකාව සමග ගැටුමක් ඇති කර සිය ආධිපත්ය නැවතත් තහවුරු කර ගැනීමට ඔබාමා ජනාධිපතිවරයා උත්සාහ දරා ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









