රුසියානු ආර්ථික සංවර්ධන ඇමති අත්අඩංගුවට

Image result for russian economic development ministryරුසියානු ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ ඇලෙක්ස් උල්යුකායෙව් අල්ලස් චෝදනා මත පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගෙන අමාත්‍ය ධූරයෙන් නෙරපූ බව වාර්තා වේ.

ආර්ථික සංවර්ධන ඇමතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ  රුසියානු රජයට අයත් රොස්නෙෆ්ට් හා බෂ්නෙෆ්ට් යන තෙල් සමාගම් දෙක අතර සිදු වූ ගනුදෙනුවක් සඳහා ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බවට හෙළිවීමත් සමගය. ඊට අමතරව තෙල් සමාගම පෞද්ගලීකරණය කිරීමේදී දැවැන්ත මූල්‍ය වංචාවක් ආර්ථික සංවර්ධන ඇමතිවරයාගේ මැදිහත් වීම මත සිදු කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බවද වාර්තා වේ.

මෙම ගනු දෙනුව පසුගිය ජූලි  මාසයේදී සිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ඊට විරෝධය පළකර ඇති අතර එහෙත් ඔක්තොම්බර් මාසයේදී ඔහු සිය ස්ථාවරය වෙනස් කරමින් එම ගනුදෙනුව ඇ.ඩො.බිලියන 5.3කට සිදු කිරීමට මැදිහත්ව තිබේ. පසුව මේ පිළිබඳ සිදු කළ පරීක්ෂණයේදී මෙම අල්ලස් ලබා ගැනීම සිදු කර ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික සංවර්ධන ඇමතිවරයා පසුගිය 15 වැනි දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.Image result for russian economic development ministry

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්