1994 වසරේදී රුවන්ඩාවේ අන්තවාදී හුටු ජාතිකයින් විසින් මධ්යස්ථ හුටු ජාතිකයින් හා ටුට්ස්කි ජාතිකයින් ලක්ෂ අටක් පමණ ඝාතනය කිරීමට තමන්ද සම්බන්ධ බැවින් එම සියළුම වැරදිවලට තමන් සමාව අයැද සිටින බව රුවන්ඩාවේ කතෝලික සභාව ප්රකාශ කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
එම මිනිස් සංහාරය සඳහා තම කතෝලික සභාවේ සාමාජිකයින් සෘජුව දායක වෙමින් සැළසුම් සකස් කරමින් හා ආධාර දෙමින් කටයුතු කර බව පිළිගන්නා බවත් සියලු ක්රිස්තියානි ලබ්දිකයින් වෙනුවෙන් සිදුකරනු ලැබූ සියලු වැරදිවලට තමන් සමාව අයැද සිටින බවත් රුවන්ඩාවේ කතෝලික සභාව ප්රකාශ කර තිබේ.
දෙවියන්ට පක්ෂපාත වීමේ දිවුරුම රුවන්ඩාවේ කතෝලික සභාව කඩකර ඇතැයි කතෝලික සභාව ප්රකාශයට පත් කර ඇති අතර සියලු මිසම් සභාවල මෙම සමාව අයැදීමේ ප්රකාශය ප්රසිද්ධියේ කියවා ඇතැයිද වාර්තා වේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ මිනිස් සංහාරයන්ගෙන් ඉතාමත් කෘෘර සංහාරය රුවන්ඩාවේ සිදු වූ මෙම හුටු සහ ටුට්ස්කි ජාතිකයින් අතර ගැටුම වේ. එහිදී හුටු ජාතිකයින් විසින් ඉතාමත් අමානුෂික ලෙස ටුට්ස්කි ජාතිකයින් සමූල ඝාතනය කරනු ලැබීය. අප්රිකානු මහද්වීපයේ එකම ජනවර්ගයකට අයත් මිනිසුන්ගේ මෙම ගැටුම පිටුපස ක්රිස්තියානි පල්ලිය සිටින බවට එවකට චෝදනා එල්ල වූ අතර මෙම සමාව අයැදීමත් සමග ඒ බව වඩාත් හොඳින් තහවුරු වේ.
රුවන්ඩාවේ සිදු වූ මෙම සමූල මිනිස් ඝාතනය සම්බන්ධයෙන් හොටෙල් රුවන්ඩා නමින් පසුකලෙක චිත්රපටයක්ද නිර්මාණය කෙරිණි.









