රුපියල් කෝටි 38,700කින් බිඳවැටෙයි

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය 28 සහ 29 යන දෙදින තුළ රුපියල් කෝටි 38,667කින් බිඳවැටී ඇති බව මූල්‍ය වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරට කොටස් වෙළඳපොල ඉතිහාසයේ දෙදිනක් තුළ සිදු වූ දරුණම කඩාවැටීම පිළිබඳව මේ වනවිට බරපතල අනතුරු ඇඟවීම් සිදු කෙරෙමින් පවතී. රුපියල කඩාවැටීම විදුලිය කප්පාදුව සහ ඉන්ධන මිල ඉහළ දැමීම මෙන්ම ඉන්ධ හිඟයක් පැවතීම හේතුකොටගෙන ආර්ථිකයට එල්ල වී ඇති දරුණු කම්පනකාරී තත්වය කොටස් වෙළපොලේ මෙම කඩාවැටීමෙන් පිළිබිඹු වන බව මූල්‍ය විශ්ලේෂකයෝ පැහැදිලි කර තිබේ.

කොළඹ කොටස් වෙළඳපොලේ දෛණික ගනුදෙනු මිල ගණන් පසුගිය 25 වනදා අවසන් වනවිට රුපියල් කෝටි 455,270ක් වි තිබුණු අතර 29 වෙනි දින වෙළඳපොල කටයුතු නිමාකරණ විට එය රුපියල් කෝටි 416,602ක් දක්වා බිඳවැටී තිබිණි. මෙම සතියේ ගෙවී ගිය දින දෙක තුළ කොටස් වෙළඳපොල ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පවා සිදුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්