රිශාඩ්ගේ මන්ත්‍රී දෙදෙනෙක් ආණ්ඩුව සමග ඡන්දය දෙති

රිශාඩ්ගේ මන්ත්‍රී දෙදෙනෙක් ආණ්ඩුව සමග ඡන්දය දෙති

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන රිශාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ආණ්ඩුවසමග එක්ව ඡන්ය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් හා එම පක්ෂයේ දිගාමඩුලු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ඉෂාක් රහුමාන් හා පුත්තලම දිස්ත්‍රීක් මන්ත්‍රී අලි සබ්රි මන්ත්‍රීවරුන්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්