
අහුන්ගල්ල ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, පොහොර ප්රවාහන ලොරි රථයක්, ඩීසල් බවුසරයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (04) රාත්රියේ අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොහොර ප්රවාහන ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.









