රැස්වීම්වලට පිට්ටනි ලබාදෙන වාර්තාව මැ.කෝ.ගෙන් ඉල්ලයි

මැතිවණ කාලසීමාවන් තුළ දී දේශපාලන රැස්වීම් සඳහා ක්‍රීඩා පිට්ටනි වෙන් කිරීමට අදාළව වාර්තාවක් සකස් කර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බාරදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

දේශපාලන රැස්වීම් සඳහා ක්‍රීඩා පිට්ටනි වෙන්කරගැනීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා, අතිරේක මැතිවරණ කොමසාරිස්වරු, පළාත් පාලන කොමසාරිස්වරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිස එක්ව විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පවත්වා ඇති අතර එහිදී මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ.

පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ සහ ජනාධිපතිවරණ සමයේ තම පක්ෂයේ දේශපාලන රැස්වීම්වලට ක්‍රීඩා පිට්ටනි ලබා නොදීම පිළිබඳව බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනයකරමින් තෙරීපත්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සහ පළාත් සභා මන්ත්‍රී රන්වල යන මහත්වරුන් විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ ගොනු කළ පෙත්සමක් පදනම්කරගනිමින් ඉහත ආකාරයේ සාකච්ඡාවක් පවත්වා වාර්තාවක් කැඳවීමට නියම විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්