රැකියා විරහිත උපාධිධාරීන් ගැන විශේෂ සාකච්ඡාවක්…

රැකියා විරහිත උපාධිධාරීන් ගැන විශේෂ සාකච්ඡාවක්…

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතික විධායක සභික කොස්වත්තේ මහානාම හිමියන් සහා එහි සාමාජික මලින්ද ජිවන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකාබද්ධ සේවා අධ්‍යක්ෂක මනෝජ අමරසිංහ සමග පසුගිය (29) සාකච්චාවක් පත්වා තිබේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතික විධායක සභික කොස්වත්තේ මහානාම හිමි,

“2021.06.29 දින රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතික විධායක සභික කොස්වත්තේ මහානාම හිමියන් සහා මලින්ද ජිවන් සහෝදරයා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකාබද්ධ සේවා අධ්‍යක්ෂක මනෝජ අමරසිංහ මහතා සමග 2020 රැකියා ලබා දීමේදී අසාධාරණයට පත් උපාධිධාරීන්ගේ ගැටලුවලට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා අභියාචනා පිළිබඳ සැලකිල්ලට ගෙන කිනම් ප්‍රමාණයකට නව පත්වීම් ලබා දී ඇත්දැයි විමසුමට ලක් කළ අතර එහිදී එතුමා අපත් සමග සදහන් කළේ දැනට ලැබී ඇති අභියාචනා සැලකිල්ලට ගනිමින් කිසිදු උපාධිධාරියෙකුට අසාධාරණයක් නොකරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාට පත්වීම් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අනුව අප මාස ගනනාවක් තිස්සේ සිදුකළ සොයා බැලීම් හා බලපෑම් හමුවේ උපාධිධාරීන්ට සිදුවීමට ගිය අසාධාරණයක් වලක්වා ගැනීමට හැකිවිය.

අනතුරුව අප ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අතර එහිදී අප මහජන සම්බන්ධිකරන කාර්යාලයට යොමුකොට ජනාධිපති අතිරේක ලේකම් සුපුන් ජිවානන්ද මහතා සමග සාකච්ඡාවක් සිදු කරන ලදී. 2021.04.22 දින පැවති උද්ඝෝෂණය අතර තුර ලබා දුන් සාකච්ඡාවේදී එකගත්වය පළකර තිබූ සාකච්ඡාව 2021.04.30 දින රටේ පැවති කොරෝනා තත්වය හමුවේ පැවැත් වීමට නොහැකි වූ බැවින් කඩිනමින් අප වෙත සාකච්ඡාවක් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. එහෙත් අපට අවශ්‍ය සාකච්ඡාව ඔවුන් ලබාදීමට මැලිකමක් දක්වන්නට යෙදුනේය.

අප අපගේ ගැටලු ලෙස ඉදිරිපත් කරන ලද

  1. අවුරුදු 45 ඉක්ම වූ උපාධිධාරීන්ගේ ගැටලුව.
  2. 2020 උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී අසාධාරණයට පත් වූවන්ගේ ගැටලුව.
  3. 2020 සිට විශ්වවිද්‍යාලය තුළින් පිට වූ උපාධිධාරීන්ගේ ගැටලුව.
  4. රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ගැටලුව.
  5. ඌන සේවා ගැටලුව.
  6. වාර්ෂිකව උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ජාතික වැඩපිළිවෙළක් සකස්කිරීමේ ඉල්ලීම.

යන ගැටලු සදහා විදුමක් අපේක්ෂාවෙන් මෙම සාකච්ඡාව

  1. ජනාධිපති වරයා හෝ ජනාධිපති ලේකම්
  2. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්
  3. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
  4. අග්‍රාමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යාංශය නියෝජනය කර්මින් දේශපාලන බලධාරියෙකුගේ සමග සිදුකිරීමේ අවශ්‍යතාව.

එහෙත් මෙම සාකච්ඡාව වෙනුවට ජනාධිපති පෞද්ගලික ලේකම් තුමා පමනක් අපට ලබා දීමට හැකි බව ප්‍රකාශ කිරීමෙන් පසු අප එක හෙලා සදහන් කර සිටියේ මෙම ගැටලුවලට විසඳුම් දීමට හැකි සාකච්ඡාවක් සුදානම් කරන ලෙසටය. එය එසේ නොකරන්නේ නම් උපාධිධාරීන් පාරට බහින දිනය වැඩි ඇතක් නොවන බවද අප සදන් කර සිටියා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්