අමාත්යංශ ලේකම්වරයා නිකුත් කර ඇති චක්රලේඛණයකට විරෝධය පළ කරමින් පසුගිය 03 වැනිදා සිට සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට පවුල් සෞඛ්ය සේවිකාවන් පිරිසක් සත්යග්රහයක නිරත වෙමින් සිටී.
ඔවුන් සෞඛ්ය ඇමතිවරයාට චෝදනා කරමින් ප්රකාශ කරන්නේ වහාම තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා මැදිහත් වන ලෙසය. මේ වනවිට සත්යග්රහයට දින 12ක් ගත වී ඇති අතර සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්රලේඛය මගින් හෙද නිලධාරීන් යටතේ සේවයට වාර්තා කිරීමට සිදුවීම නිසා තමන් අපහසුතාවට ලක්වන බවට ඔවුන් චෝදනා කරයි.









