රාජ්‍ය දේපළ අවභාවිතයට ජොන්ස්ටන්ගේ පුතා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

රාජ්‍ය දේපළ අවභාවිතයට ජොන්ස්ටන්ගේ පුතා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමග සතොස ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ ඇමතිව සිටියදී සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් සාපරාධි ලෙස අවභාවිත කිරීම, එම ආයතනයේ වැටුප් හා දීමනා ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා සහ කූඨ ලේඛන සකස් කිරීම යන කරුණු මොවුන්ට විරුද්ධව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්