රාජපක්ෂලා තුන්දෙනෙක් සහ රනිල් ඇතුළු 16ක් ලොකු ගාලගෝට්ටියක

රාජපක්ෂලා තුන්දෙනෙක් සහ රනිල් ඇතුළු 16ක් ලොකු ගාලගෝට්ටියක

ඉදිරි සති 5ක කාලය තුළ මේ වනවිටත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින දූෂිත දේශපාලඥයින් පිළිබඳව නඩු 16ක් පමණ නැවත කැඳවීමට නියමිතව තිබියදී මාධ්‍ය හමුවේ විශාල ගාලගෝට්ටියක් පවත්වමින් සිටිති.

මෙසේ කැඳවීමට නියමිත නඩු අතර, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ වගඋත්තරකරුවන් වී සිටින නඩුකර පවතී. ඊට අමතරව, රනිල් වික්‍රමසිංහ, විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත් දසනායක, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, පාඨලී චම්පික රණවක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන චූදිතයින් සම්බන්ධ නඩු විභාග කිරීමට දින ලබා දී තිබේ.

ආණ්ඩුවට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත මෙන් ම, විකෘති කරන ලද කරුණු උපයෝගී කර ගනිමින් මඩ අවලාද එල්ල කරමින් සිටින්නේ එම පසුබිම තුළ ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්