රසායනික පොහොර තහනම ඉවත් කිරීමට නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි මේ වනවිට වෙබ්අඩවිවල පලවන නමුත් එවැනි තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මාධ්ය අධ්යක්ෂ සුදේව හෙට්ටිආරච්චි සඳහන් කරයි.
ඔහු ද ලීඩර් වෙබ්අඩවියට ප්රකාශයක් ලබාදෙමින් මේ බව සඳහන් කර තිබේ.
කෙසේවෙතත් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවිවල පවා, රසායනික පොහොර තහනම ඉවත් කිරීමේ තීන්දුව පිළිබඳව වාර්තා කර තිබූ අතර එහි සඳහන්ව තිබුණේ, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්ය ක්රියාමාර්ග සම්පූර්ණ කර රටට අවශ්ය කාබනික පොහොර රටතුළ නිපදවීම ආරම්භ කරන තෙක්, සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදීමටයි තීරණය කර ඇති බවය.










