නීතිපතිවරයාගේ විරෝධය හමුවේ අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය, රීමාන්ඩ් භාරයට පත් කර සිටින රවී වෙත්තසිංහ මහතාට ඇප ලබාදීම ප්රතික්ෂේප කර තිබේ.
2010 වර්ෂයේ දී බස් රථ 149කට අධික සංඛ්යාවක් මිලදීගැනීමේ දී විශ්වාසය කඩකළේ යැයි පවසමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
ව්යාපාරික රවී වෙත්තසිංහට එරෙහිව පවතින නඩු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි එහිදී මහාධිකරණ විනිසුරුවරිය පොලිසියට නියෝග කර තිබේ.









