පොදු සමාජයේ දැඩි විවේචනය පාත්ර වී සිටින නීතිඥවරුන් සහ තවත් පිරිසක් එක් වී රනිල් වික්රමසිංහ බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව අනාවරණය වේ.
මෙම පිරිස අතර ගුණරත්න වන්නිනායක, මෛත්රී ගුණරත්න, සුදර්ශන ගුණවර්ධන යන Free Lawyers යනුවෙන් හඳුන්වා ගන්නා පිරිස සහ රජිත් කීර්ති තෙන්නකෝන්, ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසකගෙන් සමන්විත ය. ඔවුන්ගේ මූලික ඉලක්කය වී තිබෙන්නේ රනිල් වික්රමසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පවරා තිබෙන නඩුව ජනවාරි 28 වෙනි දින නැවත කැඳවීමට පෙර නීති ක්ෂේත්රය තුළ අවුල් සහගත තත්වයක් ඇති කිරීම ය.
මේ වනවිට හෙළි වී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලන්ඩන් නුවරට ගොස් හෙළි කර ගත් කරුණු සම්බන්ධයෙන් ප්රශ්න කිරීමට කාන්තාවක යොමු කර ඇත්තේ ද මෙම පිරිස වන බව ය. එමෙන් ම නීතිපති පාරින්ද රණසිංහ ගෙන යන අත්තනෝමතික ක්රියාකලාපය සම්බන්ධයෙන් දේශපාලන රැකවරණයක් සැලසීම ද මෙම පිරිසගේ මූලික කාර්යභාරය වී තිබේ.
තාර්කික පදනමක් නොමැති පල් හෑලි දොඩවන නීතිඥ ගුණරත්න වන්නිනායක මෙන් ම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස සිටිය දී විශමාචාර චෝදනාවලට ලක් වූ නීතිඥවරයෙකු ද මූලික වී Free Lawyers නමින් පෙනී සිටිමින් ක්රියා කිරීම පිළිබඳව පොදු සමාජයේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.










