මැතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ ප්රචාරක ව්යාපෘති වෙනුවෙන් මහජන මුදල් හිතු මනාපයේ වැය කිරීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් ශ්රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ද ඒ වෙනුවෙන් යොදවා තිබේ.
මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු හෙළිවන්නේ “නැවුම් තේ මංගල්යය 2024“ යනුවෙන් නම් කළ ප්රචාරක ව්යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වැය කර ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමෙනි. මෙයට අදාළ සම්පූර්ණ පිටුවක් පුරා අද (23) පුවත්පත්වල දැන්වීම් පළකර තිබේ.
එම දැන්වීමේ සඳහන් කර තිබෙන්නේ “2024 මැයි 24 – ඓතිහාසික කොටපොල ගැටබරු රජමහා විහාරස්ථානයේදී“ තේ මංගල්යය පැවැත්වෙන බව ය. රනිල් වික්රමසිංහ, දිනේෂ් ගුණවර්ධන සහ මහින්ද අමරවීරගේ ඡායාරූප සහිතව මෙම දැන්වීම පළකර ඇත. සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නෙළා ගත් පළමු අස්වැන්නේ නැවුම් මුල් කොටස පූජා කිරීම මෙහිදී සිදුකරන බව වැඩි දුරටත් දක්වා ඇත.










