රනිල්ගේ කුලී ලියන්නෙක් අනුරට එරෙහිව එලිපිටම ජාතිවාදී මඩට බැහැලා

රනිල්ගේ කුලී ලියන්නෙක් අනුරට එරෙහිව එලිපිටම ජාතිවාදී මඩට බැහැලා

ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස දෙමළ ජනතාවට එරෙහිව ජාතිවාදය යොදා ගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධ කර මඩ ප්‍රහාරයක් දියත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇමරිකාවේ සිට ජනපති ඊ කොළම ලියන අශෝක ජයතුංග ඍජුව ම එම ජාතිවාදී මඩ අවලාදවලට අවතීර්ණ වී සිටී. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කැනඩාවේ යෙදුණු සංචාරයේ පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවත් ඔවුන් මුදල් ද ලබා දී ඇති බවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරකයා සති අන්තයේ පුවත්පත්වලට සපයන ගොසිප් තීරුවේ සටහන් කර තිබේ.

මෙම සයහනේ තොරතුරු ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙන් ම, සමගි ජන බලවේගයේද මඩ ප්‍රහාර එල්ල කරන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අර්ථකථන දෙමින් මඩ අවලාද රැසක් දියත් කිරීමට පටන් ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්