“සාමාන්යයෙන් මන්ත්රීවරයෙකුගේ දීමනා සමඟ වැටුප එක්ලක්ෂ හැටදාහක් පමණ වෙනවා. ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට ප්රවාහන දීමනාවත් කාර්යාල දීමනාවත් සමඟ එම දීමනාව හාර ලක්ෂ හැටදාහක් (රු. 460,000) වෙනවා. එසේ තිබියදී රනිල් වික්රමසිංහ කතා කරන්නේ මන්ත්රීවරුන්ගේ අමාරුකම් ගැනයි. ඔහුට ජනතාවගේ අමාරුකම් තේරෙන්නේ නැහැ. ජනතා ප්රශ්න මර්දනයෙන් යටපත් කරන ගමන් මන්ත්රීවරුන්ට, ඇමතිවරුන්ට හිටපු ජනාධිපතිවරයාට වරදාන වරප්රසාද ලබාදෙනවා. මෙය ඉතා අයුක්තිසහගතයි. මේක තමයි බොනපාට්වාදී පාලනයක් කියන්නේ. රනිල් වික්රමසිංහගෙයි මෛත්රීපාල සිරිසේනගෙයි ගෙන යන මෙම බොනපාට්වාදී පාලනය ජනතා ප්රශ්න යට ගහමින් ජනතා බලවේග මර්දනය කරමින් මැති ඇමතිවරුන්ට වරදාන වරප්රසාද ලබා දෙමින් සිදුකරන ජනතා විරෝධී ක්රියාමාර්ගවලට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ඒ වගේම අපි ජනතාවට කියනවා ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්තහි පිහිට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්ය හමුවේදී අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිත හේරත් මහතා…
“වර්තමාන ආණ්ඩුව සැබෑ ජනතා ප්රශ්න යටකරමින් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන බලවේග මර්දනය කරමින් ඇමතිවරුන්ට, මන්ත්රීවරුන්ට, හිටපු ජනාධිපතිවරයාට, වරප්රසාද ලබාදෙමින් බොනපාට්වාදී පාලනයක් ගෙනයමින් තිබෙනවා. මේ වනවිට අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ ජනතාව මත විශාල බදු බරක් පැටවී තිබෙනවා. දඩ බරකින් පෙළෙනවා. අයවැයට කලින් ගෙනාපු වැට් බර නිසා හිරවෙලා ඉන්නවා. අයවැය පුරාම තව තව අලුතින් බදු ගහලා ජනතාව පීඩනයට පත්කරමින් තිබෙනවා. එන්න එන්න බදු බර, දඩ බර, වැඩිවෙන අතරේ ජනතාවගේ අනෙකුත් ප්රශ්නද වැඩිවෙමින් තිබෙනවා.
අම්පාර, පොළොන්නරුව ගොවි ප්රදේශවල ජනතාවට වගාවන් සඳහා වතුර ටික ලබාදෙන්නේ නැහැ. පසුගිය අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කරමින් සොච්චම් මුදලක් ලබාදෙන්න තීරණය කළත් එම මුදල් නිසි වෙලාවට ලබා නොදීමෙන් ගොවි ජනතාව පීඩාවට පත්වෙලා. වගාවන් සඳහා කලට වෙලාවට පොහොරටික යොදන්න බැරිවුණොත් ඒ් වගාවෙන් ඵලක් වෙන්නේ නැහැ. ඒ අතර පහුගිය ආණ්ඩුවේ ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ හඳුන්වා දුන් දිවි නැගුම පනත නිසා රට පුරා සමෘද්ධි නිලධාරීන් තමන්ගේ සේවාවේ ගැටලු නිසා පීඩාවට පත්වෙලා තිබෙනවා. ඒ පනත සම්මත කරන වෙලාවෙත් ජවිපෙ අපි මේ ගැටලු ගැන අවධානය යොමු කළත් ඒ ආණ්ඩුවෙනුත් වර්තමාන ආණ්ඩුවෙනුත් සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුවලට පිළියමක් ලැබිලා නැහැ. ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ තමන්ගේ ගැටලු පිළිබඳව උද්ඝෝෂණ කරනකොට ආණ්ඩුව පිළිතුරු දුන්නේ ජල ප්රහාර, කඳුළු ගෑස් ගහලා මර්දනය කරලා.
විශ්වවිද්යාල ශිෂ්යයන් පෞද්ගලීකරණයට එරෙහිව නිදහස් අධ්යාපනය වෙනුවෙන් දිගින් දිගටම මැදිහත් වෙමින් ඉන්නවා. සිසුන්ගේ නේවාසික ප්රශ්න, පානීය ජල ප්රශ්න, ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිඟය පිළිබඳව අධ්යාපන ඇමතිවරයාගේ, ආණ්ඩුවේ අවධානයට කරුණු ඉදිරිපත් කළා. නමුත් ඔවුන් බිහිරි අලින් වගේ ඉන්නවා. ඒ නිසා ශිෂ්යයන් පාරට බහිනවා. පසුගියදා උද්ඝෝෂණය කරපු ශිෂ්යයන්ට ආණ්ඩුව පොලීසිය ලවා අමානුෂික ලෙස කඳුළු ගෑස් ප්රහාර, බැටන් ප්රහාර එල්ල කළා. මේ වනවිටත් ජාතික රෝහලේ, ජයවර්ධනපුර රෝහලේත් සිසුන් ප්රතිකාර ලබමින් ඉන්නවා. ආණ්ඩුව සිසුන්ගේ ප්රශ්නවලට විසඳුම් වෙනුවට මර්දනය කැඳවමින් තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි, ස්වාධීන කොමිෂන් පත්කරලා රාජ්ය සේවය ස්වාධීන කරනවා කියලා කයිවාරු ගහපු ආණ්ඩුව ඊට හාත්පසින්ම පරස්පර විදිහට ක්රියාත්මක වෙමින් තිබෙනවා. රාජ්ය සේවයේ වංචාවට-දූෂණයට එරෙහිව කටයුතු කරන රාජ්ය නිලධාරීන් ඉවත් කරමින් ස්ථාන මාරු කරමින් ඉන්නවා. මේ වනවිට අමාත්යාංශවල, දෙපාර්තමේන්තුවල රජයේ ඉහළ නිලධාරීන් තනතුරුවලින් ඉවත් කොට තිබෙනවා. දෙපාර්තමේන්තුවල අවිධිමත් ටෙන්ඩර්වලට විරුද්ධ වෙනකොට එම නිලධාරීන් ස්ථානමාරු කරන්න ඇමතිවරු කැබිනට් පත්රිකා ගේනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුත් නියාමකවරු බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ සිදුකොට රැකියාවට බඳවා ගැනීමට තිබියදී ඇමතිවරයා නවත්වනවා. ඇමතිවරයා විසින් ඉදිරිපත් කරපු 150ක ලැයිස්තුවට රැකියා නොදීම තමයි හේතුව වෙලා තිබෙන්නේ. එම සිදුවීම පදනම් කරගනිමින් බන්ධනාගාර කොමසාරිස්වරයා මාරු කිරීමේ උත්සාහයක් තිබෙනවා. සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සිදුකර තිබියදී ඇමතිගේ ලැයිස්තුවට පත්වීම් දෙන එකද යහපාලනය කියන්නේ? ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාරයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්යාපෘතිය විගණන ක්රමවේදයට අනුකූල නැහැ කියපු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියා ස්ථාන මාරුකොට තිබෙනවා. පහුගිය කාලයේ කතාබහට ලක්වුණු කෘෂිකර්ම අමාත්යාංශ ගොඩනැගිල්ල භාවිතා නොකරමින් මාසිකව දෙකෝටි එකොලොස් ලක්ෂයක් ගෙවා දැමීම ප්රතික්ෂේප කරපු අමාත්යාංශ අතිරේක ලේකම් මාරුකොට තිබෙනවා. සංචාරක අමාත්යාංශයට කුලී පදනම මත වාහන ලබාගැනීමේ ක්රමවේදය වැරදියි කියපු ලේකම්වරයෙක් ස්ථාන මාරුකොට තිබෙනවා. රත්නපුර දිස්ත්රික් ලේකම්වරයා රත්නපුර දිස්ත්රික් ප්රබල ඇමතිවරයකුගේ ඥාතියෙකුගේ ව්යාපෘතියට විරුද්ධ වූවා යැයි ස්ථාන මාරුකොට තිබෙනවා. කොමිෂන් සභා දාලා රාජ්ය සේවය ශක්තිමත් කරනවා වෙනුවට මේ ආණ්ඩුවත් කරමින් තිබෙන්නේ රාජපක්ෂ පාලනය වගේම රාජ්ය නිලධාරීන් තමන්ගේ හෙංචයියන් බවට පත්කර ගැනීමට උත්සහ කිරීමයි.
පහුගිය කාලයේ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිිමින් අරගලයක් ඇතිවුණා. මේ වනතෙක් ඔවුන්ට විසඳුම් ලබාදී නැහැ. ඒ වෙනුවට කම්කරු ඇමතිවරයා කම්කරු නිලධාරීන්ගේ පඩි කපන්න කියලා කැබිනට් පත්රිකාවක් ගෙනල්ලා තිබෙනවා. වෘත්තීය සමිති ක්රියාමාර්ගවල නිරත වීම වැඩකරන ජනතාවගේ අයිතිවාසිකමක්. කම්කරුවන්ගේ අයිතීන් තහවුරු කිරීමට ඉන්න මේ ආණ්ඩුවේ කම්කරු ඇමතිවරයා වෘත්තීය ක්රියාමාර්ගවල නිරතවුණු රාජ්ය සේවකයින්ගේ වැටුප් කපන්න කැබිනට් පත්රිකා ගේනවා. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී.එෆ්. අරමුදල ඇපයට තබා නිවාස ලබාගැනීමට තිබූ පහසුකම මේ ආණ්ඩුව අහෝසි කොට තිබෙනවා. අයවැය යෝජනාව ඉදිරිපත් වුණාම ඒ පිළිබඳව තමන් දන්නේ නැහැ කියලා කම්කරු ඇමති කියනවා.
ආණ්ඩුවේ මේ ක්රියාමාර්ගවලින් පැහැදිලි වෙන්නේ ජනතවගේ ප්රශ්න, රාජ්ය සේවකයින්ගේ ප්රශ්න, ගොවි ජනතාවගේ ප්රශ්න යට ගහන්න ආණ්ඩුව උත්සහ කරන බවයි. අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජනය කරන ජනතාවට විසඳුම් ලබාදෙනවා වෙනුවට ඔවුන් මර්දනය කරන බවයි. ඒ විතරක් නෙවෙයි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගොවිජනතාවට එරෙහිව නඩු දාන්නත් මේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ජනතාව මර්දනය කරන ගමන් තමන්ගේ බඩගෝස්තරවාදී පාලනය ආරක්ෂා කරන්න ඇමතිවරුන්ට, මන්තී්රවරුන්ට පමණක් නොව හිටපු ජනාධිපතිවරයාටද වරදාන, වරප්රසාද ලබාදෙමින් තිබෙනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ ආණ්ඩුව මගින් නිවසයක් ලබාදුන්නා. කොළඹ 07 විජේරාම මාවතේ කදිරගාමර් ඇමතිවරයා ජීවත් වූ නිවස පසුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහත්තයා භාවිතයට ගත්තා. පසුව ඒ නිවස මහින්ද රාජපක්ෂට ලබාදුන්නා පමණක් නොව එහි අලූත්වැඩියාව සඳහා කෝටි 3ක මුදලක් වෙන් කළා. එයිනුන් නොනැවතුනු ආණ්ඩුව පසුගිය සඳුදා අලුත් පරිපූරකයක් දැම්මා. මහින්ද රාජපක්ෂගේ නිවස පරිශ්රයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් එක් කොටි අනූහත් ලක්ෂයක් වෙන්කළා. මේවා තමයි වරදාන, වරප්රසාද. රනිල් වික්රමසිංහ මහත්තයා මීට පෙරත් මහින්ද රාජපක්ෂගේ වාහනයට ටයර් ගන්න මුදල් වෙන්කළා. සිරිකොත ඉදිරියේ පාර කාපට් කරපු එකට කළගුණ සැලකීමද මේ? මේ වරදාන, වරප්රසාද නිසා තමයි මහින්ද රාජපක්ෂ අයවැයට එරෙහිව විශ්වාසභංගයට එරෙහිව වැට් පනතට එරෙහිව ඡන්දය ලබාදෙන්න පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ. මේවා තමයි ඇත්ත ඩීල්.
ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරුන්ට වාහන සඳහා කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්රීවරු 58 දෙනෙකුට වාහන සඳහා එක් අයෙකු වෙනුවෙන් මාසිකව ලක්ෂ 07 ගණනේ වෙන්කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේ වනවිටත් එම මන්ත්රීවරුන්ට ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබාදෙනවා. සාමාන්යයෙන් මන්ත්රීවරයෙකුගේ දීමනා සමඟ වැටුප එක්ලක්ෂ හැටදාහක් පමණ වෙනවා. ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට ප්රවාහන දීමනාවත් කාර්යාල දීමනාවත් සමඟ එම දීමනාව හාර ලක්ෂ හැටදාහක් (රු. 460,000) වෙනවා. එසේ තිබියදී රනිල් වික්රමසිංහ කතා කරන්නේ මන්ත්රීවරුන්ගේ අමාරුකම් ගැනයි. ඔහුට ජනතාවගේ අමාරුකම් තේරෙන්නේ නැහැ. ජනතා ප්රශ්න මර්දනයෙන් යටපත් කරන ගමන් මන්ත්රීවරුන්ට, ඇමතිවරුන්ට හිටපු ජනාධිපතිවරයාට වරදාන වරප්රසාද ලබාදෙනවා. මෙය ඉතා අයුක්තිසහගතයි. මේක තමයි බොනපාට්වාදී පාලනයක් කියන්නේ. රනිල් වික්රමසිංහගෙයි මෛත්රීපාල සිරිසේනගෙයි ගෙන යන මෙම බොනපාට්වාදී පාලනය ජනතා ප්රශ්න යට ගහමින් ජනතා බලවේග මර්දනය කරමින් මැති ඇමතිවරුන්ට වරදාන වරප්රසාද ලබා දෙමින් සිදුකරන ජනතා විරෝධී ක්රියාමාර්ගවලට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ඒ වගේම අපි ජනතාවට කියනවා ඒ වෙනුවෙන් පෙරට එන්න කියලා.”
මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්…
“මැති ඇමතිවරුන්ට වරදාන වරප්රසාද ලබාදීම පිළිබඳව ජවිපෙ මුල සිටම විරෝධය පළ කළා. මන්ත්රීවරුන්ට වැඩ කටයුතු කරන්න යම් පහසුකම් ප්රමාණයක් අවශ්ය බව අපි පිළිගන්නවා. නමුත් අසීමාන්තික ලෙස වරදාන වරප්රසාද ලබාදිය යුතු නැහැ. තමන්ට අවශ්ය නැත්නම් දීමනා ලබා නොගෙන ඉන්න කියන එක තමයි මේක සාධාරනීකරණය කරන්න ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නේ. ඒ නිසා තමයි උපක්රමිකව මේ වගේ ප්රකාශ නිකුත් කරන්නේ.
1994 ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ මිලදී ගත්තේ ඩබල් කැබ් රථයි. එම ඩබල් කැබ් රථ මිලදී ගන්නේ ලක්ෂ 250-300 වැය වෙන්නේ නැහැ. අපි ඇමතිධුර දරන කාලේ භාවිත කළේ ඩබල් කැබ් රථයි. ඒවා සුඛෝපභෝගී වාහන නෙවෙයි. ඒක නිසයි අපි යෝජනා කරන්නේ මන්ත්රීවරුන්ට සරිලන වාහනයක් ආණ්ඩුවෙන් දෙන්න කියලා. එතකොට මන්ත්රීවරුන්ට පර්මිට් ඕනෑ වෙන්නේ නැහැ. තමන් ඇමතිධුරය දරන කාලය තුළ ආණ්ඩුවේ වාහනයක් භාවිත කරන්න පුළුවන්. එවැනි ක්රමවේදයක් අනුගමනය කරන්නේ නැතිව ආණ්ඩුව මන්ත්රීවරුන්ට පර්මිට් එකක් දෙනවා. ඒ මදිවට අඩු පොලියට ලක්ෂ 100ක ණයකුත් දෙනවා. එයිනුත් නොනැවතී ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට වාහනයක් සඳහා මාසිකව ලක්ෂ 07කුත් දෙන්න යෝජනා කරනවා. මෙය ඉතා අසාධාරණයි. අපි දිගින් දිගටම කියන්නේ සාධාරණ ක්රමවේදයක් හදන්න කියලා. මන්ත්රී දීමනා, වාහන ලබාදීම වෙනුවෙන් නිසි ක්රමවේදයක් හැදුවොත් ඒක සියලූ දෙනාටම පොදුයි. අසීමාන්තිකව වරදාන දෙන්න එපා කියලයි අපි කියන්නේ. ජනතාවට පිළිගත හැකි ක්රමවේදයක් හැදුවොත් ඒක සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන්.
මේ වනවිට දුම්රිය සේවකයින් දුම්රිය ඉඩම් විකිණීමට එරෙහිව, පෞද්ගලීකරණයට එරෙහිව වර්ජනයක් කැඳවා කර තිබෙනවා. බස් සංගම් දඩ මුදල් මුල්කරගෙන වර්ජනයක් කැඳවා තිබෙනවා. ආණ්ඩුව මැදිහත් වෙලා මේ ප්රශ්නය නිරාකරණය කළ යුතුව තිබෙනවා. දුම්රිය ඉඩම් කොම්පැණිවලට විකිණීම නතර කරනවද කියලා ආණ්ඩුව තවම ප්රකාශයක් කරලා නැහැ. දුම්රියේ ඉඩම් කියන්නේ ජනතාව සතු ඉඩම්. වර්ජනයෙන් ජනතාව පීඩාවට පත්වුණත් තමන්ගේ දේපොළ ආරක්ෂා කරගන්න එම පීඩාව විඳින්න වෙනවා. මොකද ඒක දුම්රිය සේවකයින්ගේ පමණක් ප්රශ්නයක් නෙවෙයි. දුම්රිය සතු දේපළ කොමිපැණිවලට ලබාදීම වලක්වා ගත යුතුයි. මෙම ප්රශ්න තිබියදී ආණ්ඩුවේ ජනප්රිය මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ මන්ත්රීවරුන්ට වැටුප් මදි කියන එක. ඇත්ත ප්රශ්නය යට ගසමින් තිබෙනවා.
දඩ පිළිබඳව මේ වනවිට මහජන විරෝධයක් තිබෙනවා. අයවැය ඉදිරිපත් කරනකොට මුදල් ඇමති කිව්වේ අවම දඩය රුපියල් 20 සිට 2500 කරනවා කියලා. උපරිම දඩය කීයද කියලා දන්නේ නැහැ. ලක්ෂය වෙන්නත් පුළුවන්. ජනතා විරෝධයත් සමඟ ආණ්ඩුව කිව්වා එම දඩය රුපියල් 25000 කියලා. වැරදි 07ක් සඳහා මෙම දඩ මුදල අය කිරීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව විවේචනයක් තිබෙනවා. මෙම ගැටලුව සාකච්ඡාවට ලක්විය යුතුව තිබෙනවා. එවැනි විශාල දඩ මුදලක් එකවර නියම කිරීම මගින් ජනතාව පීඩාවට පත්වෙනවා. අනතුරු වැලැක්වීමට දඩ වැඩිකිරීම උත්තරයක් නොවෙයි. ඒකෙන් ආණ්ඩුව තමන්ගේ අයවැය හිඟය පියවා ගන්න මුදල් එකතු කර ගන්නවා. ඒ නිසා එම ගැටලුව පිළිබඳව ප්රවාහන ඇමතිවරයාත් මුදල් ඇමතිවරයාත් මැදිහත් වී සාකච්ඡා කළ යුතුව තිබෙනවා.”









