පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය කැඳවීමට වුවත් සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මුලදී ප්රකාශ කර තිබුණ ද මේ දක්වා එය ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබේ.
එම ප්රහාරයට වසර 5ක් සම්පූර්ණවීම සහ පාර්ලිමේන්තුවේ තෙදින විවාදයක් පැවැත්වෙන අතරතුර ඒ පිළිබඳ සාකච්ඡාව යළි මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සංවාදයේදී පැරණි තොරතුරු පිළිබඳව නැවත නැවතත් සාකච්ඡා කරමින් අදාළ වැදගත් කරුණු සැඟවීමට උත්සාහ කරන්නේ දැයි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී ඇත.
මේ අතර ගවේශනාත්මක මාධ්යවේදී තරිඳු ජයවර්ධන පාස්කු ප්රහාරය පිළිබඳව සවිස්තර සටහනක් සමාජ මාධ්යයට මුදා හැර තිබේ. මේ දක්වා නොවිසඳී පවතින බරපතළ සැක කටයුතු කරුණු පාර්ලිමේන්තු විවාදයේ මුල් දිනයේදී මතු නොකිරීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.










