ඉදිරි ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගෙන ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පවත්වාගෙන යන ව්යාජ කැබිනෙට්ටුවේ ප්රධානියා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන පත්කර ඇති බව අනාවරණය වේ.
රනිල් වික්රමසිංහගේ ප්රචාරක ඒකකයේ ප්රධානියෙකු වන අශෝක ජයතුංග සති අන්ත පුවත්පත්වලට ගොසිප් ලබා දෙන ජනපති ඊ කොළමෙන් මේ බව වාර්තා කර ඇත.
ඔහු ඒ බව හෙළිකර තිබෙන්නේ “දේශපාලන කැබිනෙට්ටුවට සෙසු පක්ෂ ගැනීමටද තීරණය කෙරින. සෑම බදාදාම අගමැතිගේ ප්රධානත්වයෙන් එය රැස්වී කැබිනෙට්ටුව රැස්වීමට පෙර තමා සමඟ සාකච්ඡා කිරීම ගැන ජනපති තීන්දු කළේය“ යනුවෙනි.










