රනිල්ගේ සංචාරය විමර්ශනය කළ CID කණ්ඩායමට නීතිපතිගෙන් කැඳවීමක්

රනිල්ගේ සංචාරය විමර්ශනය කළ CID කණ්ඩායමට නීතිපතිගෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම අද (22) නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම කණ්ඩායම පසුගියදා බ්‍රිතාන්‍ය බලා ගොස් තිබූ අතර එරට මහකොමසාරිස් කාර්යාල නිලධාරීන්ගෙන් සහ හිටපු නිලධාරීන්ගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබිණි.

පසුගිය අගෝස්තු 23 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, රජයේ නිල සංචාරයක් බව සඳහන් කරමින් 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල රජයේ මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිතා කිරීමින් පුද්ගිලක විදේශ සංචාරයක නිරතවීම සම්බන්ධනි.

ඊට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව අගෝස්තු 26 වනදා ඔහුගේ රෝගී තත්වය විශේෂ කරුණක් ලෙස සළකා ඇප ලබා දෙනු ලැබීය. ඒ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළේ, සැකකරු මුදා හරින ලෙස ය.

එම නඩුව යළි ලබන මස 28 වනදා කැවීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්