රනිල්ගේ වඳුරු කල්ලිය නිසා යූඑන්පී අභ්‍යන්තරය පුපුරයි

රනිල්ගේ වඳුරු කල්ලිය නිසා යූඑන්පී අභ්‍යන්තරය පුපුරයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහ ලේකම් යන දෙදෙනා ම රජුගේ ආරක්ෂාවට යොදවා සිටි වඳුරා මෙන් ක්‍රියා කිරීම නිසා පක්ෂයට රට තුළ දැවැන්ත විරෝධයක් එල්ල වී ඇති බව බව පවසමින් ජේෂ්ඨයෝ පිරිසක් යුද්ධ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස යුද්ධ ප්‍රකාශ කළ ජේෂ්ඨයන් අතර රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක මෙන් ම සමගි ජන බලවේගයේ සිට එකතු වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර ද සිටින බව හෙළි වී තිබේ. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දේශපාලන පිටියට පිවිස සිටින නිමල් ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම ද සිටින බවත් වාර්තා වේ.

මේ පිරිස අතරින් රවී කරුණානායක මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ “රටට විහිළු සපයන්න එපා, ඔය එක එක්කෙනාගේ කතා අපේ පක්ෂයේ මතය නෙවෙයි“ යනුවෙනි. නවීන් දිසානායක “ඔය පිස්සු කතා නිසා පක්ෂයත් වැනසෙනවා“ යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පසුගිය 28 වෙනි දින ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහට තව වසර දෙකකින් ධුර දීර්ඝ කළ යුතු බවයි. ඒ සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කර ගෙන අවශ්‍ය නම් ජනමත විචාරණයකුත් පැවැත්විය හැකි බව ප්‍රකාශ කර තිබිණි. මේ හා සමාන ම මතයක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්