සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්ය අමාත්ය රංජන් රාමනායක විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම තීන්දුව ප්රකාශයට පත්කර ඇත්තේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසිනි.
මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බව තීන්දුව ප්රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සඳහන් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු මේ වනවිට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් ලබාදී ඇත.










