සිරිමා බණ්ඩාරනායකට එරෙහිව රණසිංහ ප්රේමදාස 1977 – 1980 කාලයේ ගෙන ගිය පිළිකුල් සහගත ප්රචාර අනුකරණය කරමින් විමල් වීරවංසද මේ වනවිට අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විවිධ ප්රකාශ කරමින් සිටී.
දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ වශයෙන් සඳහන් කරමින් ඊයේ (12) අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට දී ආරම්භ කළ මාධ්ය සංදර්ශනය තුළින් එම පාදඩ පිළිකුල් සහගත ප්රචාරවල තවත් පියවරක් ඉදිරියට තබා ඇත. 1977 මහා මැතිවරණ වේදිකාවල දී රණසිංහ ප්රේමදාස ඉන්දියාවේ හිටපු අගමැතිනිය, ඉන්දිරා ගාන්ධි සහ ඇයගේ පුතා සම්බන්ධ කරමින් අශික්ෂිත කතා ගොතනු ලැබීය. ඒ ආකාරයටම සිරිමාවෝ බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක සම්බන්ධයෙන්ද රණසිංහ ප්රේමදාස කුණුහරුප කතා ගෙතීය. රණසිංහ ප්රේමදාසගේ එම අඩුව පිරවීමට විමල් වීරවංස වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටී.
මේ අතර සිරිමා බණ්ඩාරනායකගේ ප්රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව 1970 දශකය අවසානයේදී රණසිංහ ප්රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සජිත් රණසිංහ ප්රේමදාස, අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාවට මුලින්ම අත්සන් තැබීය.
සජිත් රණසිංහ ප්රේමදාසගේ සමීපතමයෙකු වන චරිත් අබේසිංහ දුප්පත් කාන්තාවන් පිරිසක් රැගෙන ගොස් පොල් ගැසූ අතර, ඔවුන් සියලු දෙනාද අඩු වැඩි වශයෙන් මේ වනවිට පිළිකුල් සහගත දේශපාලන ප්රචාර තම ෆේස්බුක් ගිණුම්වල පළ කරමින් සිටී.










