රටේ සංචිත ගැන කතා කළොත් ජනතාව කලන්තෙ දා ඇද වැටිය හැකි – අලි සබ්රි

රටේ සංචිත ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවත් එය කතා කළහොත් ජනතාව කලන්තෙ දා ඇද වැටිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අලි සබ්රි අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිණි.

තමන් තවදුරටත් මුදල් ඇමති ධුරයේ කටයුතු කරන බවත් මේ තනතුර බාර ගැනීමට කවුරු හෝ විශේෂඥයකු ඉදිරිපත් නොවන්නේ නම් “බෙල්ල ගහල ගියත්, කවුරු මඩ ගැහුවත්” තනතුරේ වගකීම් ඉටු කරමින් රට වෙනුවෙන් කැපවන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ තනතුර බාර ගැනීමට විශේෂඥයකු ඉදිරිපත් වන්නේ නම් තමා එය බාර දීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් මන්ත්‍රීධුරය පවා කැප කිරීමට සූදානම් බවත් ඔහු එහිදී පැවසූවේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්