රජයේ වාහන භාවිතය සීමා කරමින් නව චක‍්‍රලේඛයක්

රජයේ වාහන භාවිතය සීමා කරමින් නව චක‍්‍රලේඛයක්

රජයේ වාහන සඳහා ඉන්ධන භාවිතය සීමා කිරීමට අදාල නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි විසිනි.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහනවලට ඉන්ධන භාවිතා නොකරන ලෙසද උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම පිට පළාත්වල සිට සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා රජයේ වාහන භාවිතා කරන නිලධාරීන් කොළඹ කැඳවීම දැනටමත් සීමා කර ඇතැයිද ලේකම්වරයා පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්