යුරෝපා සංගමයෙන් වෙන් වීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී බ්රිතාන්ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේ බහුතරයක් එම යෝජනාවට අනුමැතිය පළ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අඟහරුවාදා දින මධ්යම රාත්රී වන තෙක් විවාද කරමින් බ්රිතාන්ය පාර්ලිමේන්තු මන්ත්රීවරු යුරෝපා සංගමයෙන් වෙන්වී යෑමේ බලය අගමැති තෙරේසා මේ හට පැවරීමේ පනත බලාත්මක කිරීමට ඡන්දය ප්රකාශ කර තිබේ. එහිදී පහළ මන්ත්රී මණ්ඩලයේ තුන්සීයය ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්යාවකින් එම යෝජනාව සම්මත වී තිබේ.
මෙම දෙවැදෑරුම් පනත පහළ මන්ත්රීමණ්ලය තුළ සම්මත වූවත් ඊට සාමී මන්ත්රී මණ්ලයේ අනුමැතිය හිමි වීම ප්රමාද වනු ඇති බව වාර්තා වේ. සාමි මන්ත්රී මණ්ලය තුළ අගමැති තෙරේසා මේ ගේ කොන්සවේටිව් පක්ෂයට අවම බලයක් සහිත වීම එයට බලපානු ඇති බවට පැවසේ.









