බ්රිතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කිරීමත් සමග එරට අග්රාමාත්ය ඩේවිඩ් කැමරන් මහතා සිය අග්රාමාත්ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රටවල් 28ක් සාමාජිකත්වය දරන යුරෝපා සංගමයේ ප්රබලම රාජ්ය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග බ්රිතාන්යය යූරෝ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වනු ඇත.
බ්රිතාන්ය පුරවැසියන්ගෙන් 52%ක ප්රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමටත් 48%ක් ඊට විරුද්ධවත් ඡන්දය භාවිත කර තිබේ.
මහා බ්රිතාන්යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්ය වෙළඳපොළ අවපාතයකට ලක්විය. ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය.
ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති. ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇත.
යුරෝපා හවුලේ රටවලින් ප්රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගත්හ. ජපානයේ යෙන් මුදලද ඉහළ ගියේය.
බ්රිතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ගෙන ගියේය.
යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළ බ්රිතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් පරාජය වීම නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි බ්රිතාන්යයෙන් හඬක් නැගෙමින් පැවති අතර තමන් ඉන් ඉල්ලා අස්වන බව ඩෙවිඩ් කැමරන් අග්රාමාත්යවරයා ජාතිය අමතමින් පැවසීය.










