බටහිර රාජ්යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.
නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති බවත් මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනයම පමණක් බවත් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.
රුසියන් ආක්රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්ය බවත් අද (25) දින ප්රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබේ.
“මම නේටෝ සංවිධානයේ රටවල්වලින් කෙලින්ම ඇහුවා, ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නැහැ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප්රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා.
කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති. කවුරුත් නැහැ අපිට අපි විතරයි” ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි එහිදී පවසා ඇත.










