යුක්රේනයේ සිට මෙරටට ගෙන්වන ලද සංචාරකයන් මඟින් කොරෝනා පොකුරක් නිර්මාණය වීම පිළිබඳව බලවත් විරෝධයක් රට තුළින් එල්ලවෙමින් තිබියදී සංචාරකයන් ගෙන ඒමේ ව්යාපෘතිය ප්රසන්න රණතුංග ඇමතිවරයාට මාරුකිරීමේ සූදානමක් ආණ්ඩුවේ මාධ්ය මගින් අනාවරණය වේ.
දෙසැම්බර් 20වැනි දින සිළුමිණ පුවත්පත මගින් හෙළිකර තිබුණේ මෙම ව්යාපෘතිය තනිකරම උදයංග වීරතුංගගේ සැලසුමක් සහ මෙහෙයවීමක් බවය. එහෙත් යුක්රේන් කොරෝනා පොකුර ආරම්භයත් සමග ජනවාරි 03වැනි දින නිකුත් කර තිබෙන එම පුවත්පත මේ පිළිබඳ වගකීම සංචාරක ඇමති ප්රසන්න රණතුංග ඇමති පිට පටවා තිබේ.
ඒ මෙසේය. ”සංචාරකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කෙරුවේ මාස කීපයක සිටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඊට අතගසා තිබුණේ සංචාරක ඇමති ප්රසන්න රණතුංගය” යනුවෙන් සඳහන් කර ඇත.










