යාපනය විශ්වවිද්යාලයේ ආරක්ෂාව සඳහා යැයි පවසමින් යුද හමුදාව යොදවා ඇතැයි වාර්තාවේ.
පසුගිය කාලයේ දිගින් දිගටම යාපනය සරසවියේ ශාෂ්යයන් හට මැර ප්රහාර එල්ලවූ අතර මෙම ප්රහාරවලින් සිසුන් ආරක්ෂා කරගැනීම සඳහා හමුදා සහය අවශ්ය බවටද එම සරසවියේ උපකුලපතිවරයා පවසා තිබිණි.
සිසුන් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල වූයේ හමුදා මුරපොළක්, හමුදා කඳවුරක් හෝ පොලිස් ස්ථානයක් ඉදිරිපිටදීය.
ආසන්නයේදීම සිදුවූ යාපනය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශාන්තන් ශිෂ්යයාට එල්ලකළ ම්ලේච්ඡ ප්රහාරයද සිදුවූයේ හමුදා මුරපොළකට මීටර් 20ක් දුරකිනි.









