යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ සිසුන් 31කට කොවිඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ සිසුන් 31කට කොවිඩ්

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ සිසුන් 31 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

විශ්ව විද්‍යාල විභාග වෙනුවෙන් පැමිණ වවුනියාව පම්පමඩුව විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල රැදී සිටි සිසුන්ගෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ආසාදිත සිසුන් පිරිස හදුනාගැනීමට හැකිවූ බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

විශ්ව විද්‍යාලයේ පාලක සභාවද පැවසූවේ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැදී සිටි ව්‍යාවහාරික විද්‍යා පීඨයේ අවසන් වසර පරීක්ෂණ වෙනුවෙන් පැමිණ සිටි විශ්ව විද්‍යාල සිසුන් 31 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවයි.

විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට වයිරසය ආසාදනය වි ඇති බවට මුලින් තහවුරුවීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල සිසුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී තවත් සිසුන් 31 දෙනකු වෙත වයිසරය ආසාදනය වී බවට තහවුරු වි ඇත.

ශිෂ්‍ය නේවාසිකාගාරවල සිසුන් 60 දෙනෙකු රැදී සිටින අතර, ඉන් අඩකට වයිරසය ආසාදනය වි ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්