සංචරණ තහනම නිසා යාපනයේ දෙදෙනෙකු සියදිවි නසා ගනී

සංචරණ තහනම නිසා යාපනයේ දෙදෙනෙකු සියදිවි නසා ගනී

රටේ වර්තමාන සංචරන සීමා හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මුහුදු ආහාර ව්‍යාපාරිකයෙකු වාහන බදු ගාස්තු ගෙවීමට නොහැකිව මූල්‍ය ආයතන නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් සියදවි නසාගෙන තිබේ.

වඩමරාච්චි නැගෙනහිර උඩුත්තුරෛ ආලියවලෛ ප්‍රදේශයේ පදිචි දෙදරු පියෙකු වන 34 හැවිරිදි සිවලිංගම් සිවදරන් පසුගිය 07 වැනිදා මෙලෙස සියදිවි නසා ගෙන ඇත.

ඔහු මුහුදු ආහාර මිලදී ගැනීම හා විකිණීම සිදු කර ඇති අතර මූල්‍ය ආයතනයක බදු පදනම් මත වාහනයක්ද ලබාගෙන තිබේ. දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරන තහනම හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරික කටයුතු පසුබෑමකට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, මූල්‍ය ආයතනය ඔහුගේ නිවසට ගොස් මාසික ගාස්තුව ගෙවන ලෙස ඉල්ලා තිබේ. ඔහු සතුව දැනට ඇත්තේ රුපියල් තිස්පන්දහසක් (රු. 35,000ක්) පමණි.

තමාට ඉතිරි මුදල ලැබුණු විගස ගෙවන බව ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත් මූල්‍ය ආයතන නිලධාරීන් ඔහුට තර්ජනය කර බැනවැදි තිබේ.

මෙම තත්වය තුළ ඔහු බලාපොරොත්තු සුන් වී කම්පනයට පත්වී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පේදුරු තුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසයි.

එසේම වදිරි කරවෙට්ටි හි කොපසිං මයුරතන් නැමති 36 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 06 වනදා සියදවි හානිකරගෙන තිබේ. ඔහු රෝගී තත්යවකින් සිටි අයෙකු බවද වාර්තා වේ.

ඔහු දිනපතා කෝවිල්, නගර සහ පිටත දිස්ත්‍රික්කවලට යතුරුපැදියකින් ගමන් කරන්නෙකු බවත් පසුගිය සති දෙකක කාලය තුළ ඔහු නිවස තුළ සිටි නිසා සියදිවි නසා ගැනීමට යන බවට කලකිරීමට පත්ව කියා ඇති බවත් වාර්තා වේ.

සිරුරු දෙකම පරීක්‍ෂා කළ පේදුරු තුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කනකසබපති වාසුදේවන් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු ඥාතීන්ට භාර දී ඇත..

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්