යාපනය මූලික රෝහලේ විශේෂඥ වෛද්යවරයෙකුට පහරදීම ඇතුළු පරිපාලනයේ ඇති අක්රමිකතාවලට විරෝධය පළ කරමින් හෙට (06) දිනය තුළ වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට වෛද්ය නිලධාරීන් තීරණය කර තිබේ.
අදාළ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ට අවස්ථා කිහිපයක දීම දැනුම් දුන්න ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලබාදීමට ඔවුන් කටයුතු කර නොමැති බව වෛද්ය නිලධාරීන් පෙන්වාදෙයි.
ඒ අනුව හෙට උදෑසන 8 සිට රෝහලේ හදිසි ප්රතිකාර කටයුතුවලින් හැර අනෙකුත් සාමාන්ය ප්රතිකාර කටයුතුවලින් සියලුම වෛද්යවරුන් ඉවත් වනු ඇති බව සඳහන්ය.









