යාපනයේදී සන්ධානයේ ගැටුමක්

යාපනය මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. ඊයේ (30) දහවල් මෙම ගැටුම හටගෙන ඇති බව සඳහන්ය.

යාපනය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව ඇතිවූ මත ගැටුමක් මීට හේතු වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයකාන්ත්, නිශන්දන්, මනුවල් මංගලනේෂන් යන මන්ත්‍රිවරුන් තිදෙනා අතර ගැටුම හටගෙන තිබේ.

පසුව පොලිසිය මැදිහත් වී ගැටුම සමථයකට පත්කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්