එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඉඩම් රාජ්ය ඇමැති ටී.බී. ඒකනායක පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්රාදේශීය සභාවේ එජාප මන්ත්රී ආර්.එම්. ප්රේමදාස (සිල්වා) මහතා තවත් මන්ත්රීන් දෙදනකු සමග මහව බස් නැවතුම්පොළ අසල අට්ටාලයක උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
අනුර බණ්ඩාර හා නිහාල් ප්රේමසිරි යන ප්රාදේශිය සභා මන්ත්රීවරු එම උපවාසයට එක්වී සිටින අනෙකුත් මන්ත්රීවරුන් දෙදෙනා වන අතර ඇමැති ඒකනායක පවසන්නේ තමා පිළිගැනීම සඳහා ඔසවා තිබූ කොඩි කපා කටවුට් ගිනි තැබූවැයි සිල්වාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බවය.









