මෝස්තර නිරූපණ ශිල්පිනියකට අගමැතිගෙන් පත්වීමක්

මෝස්තර නිරූපණ ශිල්පිනියකට අගමැතිගෙන් පත්වීමක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නව සම්බන්ධීකාරක ලේකම්වරියක් ඊයේ (09) දිනයේදී පත්වීම් ලබා තිබේ.

මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය එම තනතුරු සඳහා මෙසේ පත්වීම් ලබා ඇත. ඇය නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබේ.

නව තනතුර සදහා පත්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී ලබා දී ඇති අතර ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්