ගුජරාට් ප්රන්තයේ ක්රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්රාන්ත පොලිසිය කටයුතු කර තිබේ.
ඉන්දියාවේ පටෙල් කුලයට අයත් ජනතාවටද අනෙක් කුලවලට රැකියා ලබා දෙන අවස්ථාවට සමාන අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් ගෙන ගිය දැවන්ත විරෝධතා ව්යාපාරයන්ට අති විශාල ජනතාව සහභාගී වූ අතර ප්රන්ත ආණ්ඩුවට මෙන්ම ඉන්දීය මධ්යම ආණ්ඩුවටද එම විරෝධතා බරපතල අභියෝගයක් එල්ල කළේය.
මෙම විරෝධතා ව්යාපාරයන්ගේ මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ පටෙල් කුලයට අයත් අවුරුදු 22ක තරුණයකු වන හාර්දික් පටෙල් විසිනි. ඔහුගේ නායකත්වයෙන් ගුජරාට් ප්රන්තයේ සුරට් නගරයේ සිට අහමදාබාද් අගනුවර දක්වා අතිවිශාල පා ගමනක් සංවිධානය කර තිබු අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්රාන්තය පුරා ජංගම දුරකථන හා අන්තරජාල පහසුකම් නවතා දමා ඇතැයි පැවසේ.
ඉන්දියාව පුරා දැඩි ලෙස කුලවාදය ක්රියාත්මක අතර රැකියා ලැබීමේ මූලික සුදුසුකමක් ලෙස කුලය සලකනු ලැබේ. මෙම තත්වය හමුවේ ඉහළ යැයි සම්මත කුලයන්ගෙන් එල්ල වන දැඩි පීඩනයට පහළ යැයි සම්මත කුලයන්ට අයත් ජනතාව දැඩි පීඩාවකට ලක් කරමින් සිටී. කුලවාදයට එරෙහිව මෑත කාලයේ ඉන්දියාවේ වර්ධනය වූ ප්රධානම විරෝධතා රැල්ල ලෙස පටෙල් කුලයට අයත් ජනතාවගේ මෙම විරෝධතා ව්යාපාරය ඉදිරියට පැමිණි අතර එය ඉන්දීය මධ්යම ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කිරීමට ද සමත් විය.











