මාස 09ක සේවයකින් පසු ජිනීවාහි එක්සත් ජාතින්ගේ ශ්රී ලංකා නිත්ය නියෝජිත තනතුරින් ඉල්ලා අස්වී වෙනත් තානාපති තනතුරකට යන ලෙසට කෙරුණු ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති තමරා කුනානායගම්, ජී.එල්. පීරිස් විදේශ අමාත්යවරයාට විදෙස් සේවය පිළිබඳ තේරුම් කරවමින් පසුගිය 01වැනිදා ලිපියක් එවා තිබේ.
මෙවැනි යෝජනා හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වැදගත් කාර්යයන් පැවරී ඇති මොහොතක එකමුතුකම ප්රදර්ශනය කළ යුතුව තිබියෙදී ඒකමතියක් නොමැතිවීම වෙනුවෙන් ශ්රී ලංකාවට අධික මිලක් ගෙවීමට සිදුවනු ඇතැයි ඇය පෙන්වා දෙයි.
“ජිනීවාහි නිත්ය නියෝජිත ලෙසට වැඩ භාරගැනීමෙන් මාස 09වැනි කෙටි කාලයකට පසු මට ඉවත් වන ලෙසට කරන යෝජනාව, අපේ විදෙස් සේවයේ අස්ථවරභාවය ප්රදර්ශනය කරනු ඇත. බහු පාර්ශවීය දූත මෙහෙවරකදී දිගින් දිගටම ආරක්ෂණවාදී ලෙස නොසීටීමටනම් ඒකමතියත් එකමුතුකමත් ස්ථාවරභාවයත් පෙන්නුම් කිරීම අත්යාවශ්ය වේ. මම ඔබගේ යෝජනාව පිළිගතහොත්, වසර 3ක කාලය තුළ තානාපතිවරුන් සිව්දෙනෙක් මාරු කළ එකම රට ශ්රී ලංකාව වනු ඇත. වසර 3ක් යනු අනෙක් රටවලනම් තානාපතිවරයෙක් සාමාන්යයෙන් පත්කරනු ලබන අවම කාලයයි.
විදෙස් තානාපති සේවාවේ තානාපති ධූරයන් දරනු ලබන දෙමළ ජාතික කිහිප දෙනාගෙන් කෙනෙකු ඉවත් කිරීම, ප්රතිසන්ධානය සඳහා වන ආණ්ඩුවේ කැපවීමේ අවංකභාවය ප්රශ්න කිරීමට ඉඩ සලසනු ඇත. එසේම එය සියලූ පාර්ශවයන්හි අන්තවාදීන් ශක්තිමත් කරනු ඇතුවා පමණක් නොව මගේ පත්කිරීම හුදු සංකේතාත්මකව සිදු කරන ලද්දක් වන බවට තර්කය වලංගු කරනුද ඇත,” ඇය පෙන්වා දෙයි.
එසේම එබඳු මාරු කිරීමක්, ජනාධිපතිවරයාගේ හා ඔහුගේ විදේශ අමාත්යවරයාගේ උපදෙස් පක්ෂපාතීව ඉටු කරනු ලබන්නවුන්ට එම පක්ෂපාතීත්වය වෙනුවෙන් ද`ඩුවම් කෙරෙන බවටත් ප්රතිපත්ති පාවාදෙන, භේද ඇති කරන හා එකමුතුභාවය හෑල්ලූකරන පුද්ගලයින් අගය කෙරෙන බවටත් වන හැඟීමක් ජනිත කරවනු ඇති බව ඇය කියා සිටී.
අප්රේල් 23වැනිදා විදේශ අමාත්යවරයා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්යාංශයේ හෝ විදේශ තානාපති සේවයේ තනතුරු වෙනස් කිරීමේ හෝ මාරු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව සහතික කොට ප්රකාශ කර තිබියෙදී මෙම මාරු කිරීමේ යෝජනාව ඉදිරිපත්වීම පිළිබඳව ඇය විමතිය පළ කරයි. පවතින තත්වය තුළ බ්රසීලයට හෝ කියුබාවට කෙරෙන ඇයගේ මාරුවීමක්, ඒවා ද`ඩුවම් මාරු ලැඛෙන ස්ථාන ලෙස නොසැලකෙන බැවින්, එම දෙරට කාරුණිකව භාර නොගනු ඇතැයිද ඇය එම ලිපියෙන් පෙන්වා දෙයි.
ප්රතිපත්තිගරුක වූවන්, මුලදී දයාන් ජයතිලක හා දැන් සෙසු අය, වටලා සිදු කෙරෙන ව්යාපාර පිටුපස ශ්රී ලංකා විදෙස් සේවය ආරක්ෂණවාදී ස්ථාවරයකට තල්ලූ කරවීමේ ප්රයත්නයක් තිබිය හැකි යැයිද කුනානායකම් සැක පහළ කරයි.
“අපේ ජනතාවත් අපේ රටත් වෙනුවෙන් වූ නොවෙනස් පක්ෂපාතීත්වයෙන් මා ක්රියා කළේ යැයි මම විශ්වාස කරමි. එසේම මම වැරදි උපායන්, මෑනවීම් වෙනුවට ප්රතිපත්ති මත වැඩ කළෙමි. මට පෞද්ගලික අභිමතාර්ථ තිබුණේ නැත. උසස්වීම්, කීර්තිය හෝ මුදල් මගේ බලාපොරොත්තු අතර නොවීය. ශ්රී ලංකේය ජනතාවගේ උපරිම යහපත වෙනුවෙන් මගේ උපරිම හැකියාවෙන් එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ, මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලයේ දස වසරකට වැඩි සේවා අත්දැකීම් ජනතාවගේ සේවය වෙනුවෙන් කැපකරමින්, හෘද සාක්ෂියට එකඟව මම සේවය කළෙමි.” ඇගේ ලිපියේ සඳහන්ය.









