මොසුල් නුවර අයි.එස්. ත්‍රස්තයින්ගෙන් අමානුෂික ඝාතනයක්

Image result for mosul crimeඅයි.එස්. ත්‍රස්ත සංවිධානය පාවාදෙන බවට චෝදනා කරමින් ඉරාකයේ මොසුල් නුවර සිවිල් වැසියන් 40ක් පමණ විදුලි රැහැන්වල එල්ල ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

රාජ ද්‍රෝහී චෝදනා මත  මෙම ඝාතන සිදු කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන් විසින්ම පිහිටුවා ඇති ස්වයං අධිකරණවල නියෝග අනුව බවට සැකකරයි. ඝාතනය කරනු ලැබු සිවිල් වැසියන්ට තැබිලි පැහැ ඇඳුම් අන්දවා ඇති එම ඇඳුම්වල ද්‍රෝහියෝ හා ඉරාක ආරක්ෂක හමුදා නියෝජිතයෝ ලෙස සටහන් කර ඇති බව පැවසේ.‍

 

මේ වනවිට මොසුල් නගරය බේරා ගැනීම සඳහා ඉරාක ආරක්ෂක හමුදා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අයි.එස්. ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට නගරයෙන් පිටවීමට ඉඩ නොදී කොටුකර ගෙන සිටින බව වර්තා වේ. මෙම ඝාතනයන් සිදු කරන්නට ඇත්තේ එලෙස කොටුකර ගෙන සිටින ජනතාව අතරින් පිටවීමට උත්සාහ කරනු ලැබූ ජනතාව බවටද සැක කරයි. මොසුල් නගරය 2014 වසරේ සිට අයි.එස්. ත්‍රස්තයින්ගේ ග්‍රහණයට නතුව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්