මොරගහ කන්ද-කළුගඟ ව්යාපෘතිය අත්හිටුවන ලෙස බල කරමින් හෙට (10) පෙරවරුවේ මොරගහ කන්ද ප්රධාන ව්යාපෘති කාර්යාලය ඉදිරිපිටදී මාරාන්තික උපවාසටක් ආරම්භ කරන බව නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු ආර්.ඒ.ඩී. ජයතිලක මහතා ප්රකාශ කරයි.
වසර අටක පමණ කාලයක සිට එම ව්යාපෘතිය මගින් සිදුවන මානව හා භෞතික සම්පත් හානිය පිලිබදව ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ පැවතී රජයන්ට එහි බලධාරීන් දැනුවත් කළත් ඊට නිසි ස්ථිරසාර විසදුම් ලබාදීමට අපොහොසත්වී ඇති බව ඔහු චෝදනා කර සිටී.
අගතියට පත් ජනතාවට වන්දි මුදල් ලබාදීම, විකල්ප වාසස්ථාන සහ ඉඩම් ලබාදීම නිසි පරිදි ඉටු නොකර ලබන දෙසැම්බර් වනවිට කෙසේ හෝ තම පාරම්පරික වාස භුමිවලින් ඉවත්වන ලෙස දනුදී ඇති බවද ඔහු චෝදනා කරයි.
අතේ ඇති මුදලින් කෙසේ හෝ නිවසක් වෙනත් ස්ථානයක ඉදිකර පදිංචිවන ලෙස බලධාරීන් දැනුම් දී ඇති බව පවසන ජයතිලක මහතා අගතියට පත් ජනතාවට සහනයන් ලබා දෙන තුරු තම සටන අත් නොහරින බවද පවසා සිටී.









